Bhadraji Novel – Gandara Kalapuwa is now serialized on Sunday Divaina

March 31st, 2015

Bhadraji Novel – Gandara Kalapuwa is now serialized on Sunday Divaina.

ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ජීවත්වන ලාංකික සිංහල ලේඛකයකු වන භද්‍රජි මහින්ද ජයතිලක දිගු කලකට පසු පුවත්පතකට ලියන නවකතාව ගන්දර කලපුවය. මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සමුද්‍රdසන්න ප්‍රදේශයක සිදුවූ සත්‍ය සිද්ධි සමූහයක්‌ ඇසුරෙන් මේ නවකතාව ලියා ඇත. ZOMBI ලෙස බටහිර ලෝකයේ හඳුන්වන, මනුෂ්‍යයන් අවනත කර ගැනීමේ සහ හැසිරවීමේ ක්‍රම වේදයක්‌ තිබේ. ZOMBI නායකයාට එම හැසිරවීමේ බලය ඇත. ගන්දර කලපුවේ ප්‍රධාන චරිතය එවැනි ZOMBI නායකයෙකි.

  • ගන්දර කලපුව – 1: වැහිබර සවසක අඳුරත් රැගෙන ආ ‘අමුතු අමුත්තා’
    “වැහිබර සවසක කලුතර ගාලුපාර අද්දර ගඟසිරි හෝටලයට අමුත්තෙකු ගොඩ වැදුනේය. හෝටලය තුළ වැහි අඳුරේ හිඳ සිටි කීප දෙනා මේ අමුත්තා ගැන කිසිවගක්‌ නැතිව තම තමන්ගේ මේස මතවූ මාළුÊපාන්, පැටිස්‌, කට්‌ලට්‌ස්‌, සීනි බනිස්‌ හෝ කේක්‌ කමින් තේ බොමින් වල්පල් දෙඩූහ.”
  • ගන්දර කලපුව – 2: වැහිබර සවසක අඳුරත් රැගෙන ආ ‘අමුතු අමුත්තා’
    උපසේන මාධ්‍යවේදියෙකි. හෙතෙම සිය ප්‍රධාන කර්තෘවරයා සමග යන්නට සිටි රාජකාරි ගමන අනපේක්‍ෂිත ලෙස වළක්‌වාලනු ලැබූවේ අද්භූත අමුත්තෙකි. ඔහුගේ මන්දිරයේ රාත්‍රි නවාතැන් ගන්නා උපසේනට මුහුණ දෙන්නට සිදුවන්නේ අමුතුම අත්දැකීම් රැසකටය. අද එතැන් සිට….. උපසේනට තමා පුතා නමට ලියූ ලිපිය පවා මොහොතකට අමතක විය. කාලිංග දියවඩන එලවා ගෙන ආ රථය පරණ කළුපැහැ විසල් රථයකි. එය මොන වර්ගයේද කියාවත් උපසේන නොදත්තේය. වාහනවල ගමන් ගත්තද උපසේනට වාහන ගැන එතරම් දැනීමක්‌ නොතිබුණේය. බොහෝ විට ගමනාගමනය උදෙසා ඔහුට අනුන්ගේ පිහිට පතන්නට සිදු විය.
  • Check out Gandara Kalapuwa to read more parts of this serialized novel online, directly from Divaina website.