Gandara Kalapuwa – A Bhadraji fiction serialized on Sunday Divaina

Bhadraji Novel – Gandara Kalapuwa is now serialized on Sunday Divaina.

ඇමරිකාවේ කැලිෙµdaනියා ප්‍රාන්තයේ ජීවත්වන ලාංකික සිංහල ලේඛකයකු වන භද්‍රජි මහින්ද ජයතිලක දිගු කලකට පසු පුවත්පතකට ලියන නවකතාව ගන්දර කලපුවය. මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සමුද්‍රdසන්න ප්‍රදේශයක සිදුවූ සත්‍ය සිද්ධි සමූහයක්‌ ඇසුරෙන් මේ නවකතාව ලියා ඇත. ZOMBI ලෙස බටහිර ලෝකයේ හඳුන්වන, මනුෂ්‍යයන් අවනත කර ගැනීමේ සහ හැසිරවීමේ ක්‍රම වේදයක්‌ තිබේ. ZOMBI නායකයාට එම හැසිරවීමේ බලය ඇත. ගන්දර කලපුවේ ප්‍රධාන චරිතය එවැනි ZOMBI නායකයෙකි.

  • ගන්දර කලපුව – 01 (නව කතාව): වැහිබර සවසක අඳුරත් රැගෙන ආ ‘අමුතු අමුත්තා’
    “වැහිබර සවසක කලුතර ගාලුපාර අද්දර ගඟසිරි හෝටලයට අමුත්තෙකු ගොඩ වැදුනේය. හෝටලය තුළ වැහි අඳුරේ හිඳ සිටි කීප දෙනා මේ අමුත්තා ගැන කිසිවගක්‌ නැතිව තම තමන්ගේ මේස මතවූ මාළුÊපාන්, පැටිස්‌, කට්‌ලට්‌ස්‌, සීනි බනිස්‌ හෝ කේක්‌ කමින් තේ බොමින් වල්පල් දෙඩූහ.”
  • ගන්දර කලපුව – 02 (නව කතාව):
    උපසේන මාධ්‍යවේදියෙකි. හෙතෙම සිය ප්‍රධාන කර්තෘවරයා සමග යන්නට සිටි රාජකාරි ගමන අනපේක්‍ෂිත ලෙස වළක්‌වාලනු ලැබූවේ අද්භූත අමුත්තෙකි. ඔහුගේ මන්දිරයේ රාත්‍රි නවාතැන් ගන්නා උපසේනට මුහුණ දෙන්නට සිදුවන්නේ අමුතුම අත්දැකීම් රැසකටය. අද එතැන් සිට….. උපසේනට තමා පුතා නමට ලියූ ලිපිය පවා මොහොතකට අමතක විය. කාලිංග දියවඩන එලවා ගෙන ආ රථය පරණ කළුපැහැ විසල් රථයකි. එය මොන වර්ගයේද කියාවත් උපසේන නොදත්තේය. වාහනවල ගමන් ගත්තද උපසේනට වාහන ගැන එතරම් දැනීමක්‌ නොතිබුණේය. බොහෝ විට ගමනාගමනය උදෙසා ඔහුට අනුන්ගේ පිහිට පතන්නට සිදු විය.
  • ගන්දර කලපුව – 03 (නව කතාව): පුදුම හිතෙන කාමරයක්‌
    ප්‍රණීත තේ කෝප්පයෙන් පසු කාලිංග උපසේනව මතු මාලයට කැඳවාගෙන ගියේය. පුළුල් දැව හිsණි පෙළක්‌ කෙළවර දෙපසට ඇදී ගිය සංක්‍රමණ මගක දකුණට හැරුණ කාලිංග එහි කෙළවර දොරක්‌ විවර කරමින් උපසේනට එතැනින් ඇතුළුවන්නට ඉඩ සැලසුවේ ගුප්ත විඡ්ජාකාරයකු තිරයක්‌ හැර පෙන්වන්නාක්‌ මෙන් මඳක්‌ ඉදිරියට නැමී අතක්‌ පහතට විහිදුවා අතු ගාන්නාක්‌ සේ චලනයක්‌ කරමිනි.
  • ගන්දර කලපුව – 04 (නවකතාව): කලබල වෙන්න එප කෑම ටික කාලා ඉන්න
    දිග කලු කබායක්‌ හැඳගත් සේවකයෙක්‌ මේසය මත පිඟන් එකින් එක පිළිවෙළට තැබුවේ පන්සල් බිත්තියක්‌ මත දැල්වූ මැටි පහන් තබන විලාසයෙනි. යම්කිසි ලතාවකට සංයමයකින්. “සර් මේ පැත්තෙ සෝපාවක වාඩිවෙන්න” ඌනෝ ඇරයුම් කළේය.
  • ගන්දර කලපුව – 05 (නවකතාව): ඈ සැබැවින් ම සුරංගනාවක්‌ මෙනි
    නෑ නෑ විදුලිය තියෙනවා’ උපසේන සිතුවේය. ‘මේ මිනිහා මට කොලේ වහන්න මේ සේරම කරන්නෙ. චිමිනි ලාම්පු පත්තු කලාම ශාලාවෙ ගතියක්‌ තියෙනවා. මගේ හිත දිනාගන්න කරන උප්පරවැට්‌ටියක්‌ මේක’ උපසේන තමාටම කියා ගත්තේ මුල්ම බත්කට ගන්නා අතරේය. කෑම ටික ඇත්තෙන්ම ප්‍රණීත විය.
  • ගන්දර කලපුව – 06 (නව කතාව): මේ ගෑනි යක්‍ෂණියක්‌ද? දෙව්දුවක්‌ද?
    උපසේන අත පත ගාමින් මෙන් ඇවිද වුත් ඇඳ කෙළවර හිඳ ගත්තේය. ඔහුගේ උගුර කට වියෑළී ගියේය. ඔහුට සුභා හා බිමල් පුතා සිහිපත් විය. මේ අවස්‌ථාව ඔවුන් දැසින් දුටුවා නම් මොනවා වේවිද? මේක නම් හැබෑ වෙන්න බෑ. මේක නම් සිහිනයක්‌. මේක නම් සිහිනයක්‌.
  • ගන්දර කලපුව – 07 (නව කතාව): මට ඕනෙ ඔයාට සුවයක්‌ දෙන්න
    එක්‌වනම කාමරය විදුලි ආලෝකයෙන් ආලෝකවත් විය. මේසය මත තිබූ පහනත්. සිවිලිමෙහි වූ පහනත් දැල්වුණි. “ලයිට්‌ එන්නැති” උපසේන සිතුවේය…
  • ගන්දර කලපුව – 08 (නවකතාව): අද රෑටත් පාටියක්‌ තියෙනවා
    උපසේන අවදි වූයේ උදා හිරු කිරණ කවුළුවෙන් ඇඳ මතට වැටෙද්දීය. වැස්‌ස නැවතී තිබිණි. කවුළු වෙන් පිටත ගස්‌වැල්වල රැඳුණු දිය බිඳු උදා හිරු එළියේ කදෝ පැණි සේ දිලිසුණි…
  • ගන්දර කලපුව – 09 (නවකතාව): පුදුම හිතෙන මාලිගාව
    උපසේනගේ සිතුවිලි තිබෙන්නාක්‌ මෙන් කාලිංග කථා කළේය. “උපසේන මං ඇත්තටම කැමැතියි ඔයා මේ කලපුවේ ඉතිහාසය අපේ පවුල ගැන ඉතිහාසය ලියනව නං..” “බැරිකමක්‌ නෑ..”…
  • ගන්දර කලපුව – 10 (නවකතාව): මේකා සුවච සුනඛයෙක්‌ නැත්නම් චරපුරුෂයෙක්‌…
    උපසේන මඳ වේලාවක්‌ ගොඩනැඟිල්ලේ වැඩකරුවන් දෙස බලා සිටියේය. උන් සතරදෙනා දැන් නිහඬව හිඳගෙන විස්‌කෝතු කෙසෙල් ගෙඩි රස විඳිති. උන් තලුමරමින් කට පුරවමින් කන්නේ ඌරන් මෙනි. මුන්ට මෙහෙම කන්න තියෙනව නං වෙන මොනවත් ඕනෑ නැතුව ඇති. උපසේන ඒ අයගෙන් තව ප්‍රශ්නයක්‌ ඇසුවද දැන් සතරදෙනාම කෑම කෑවේ උපසේන ගැන වගක්‌ නැතිවය. උපසේන ඉන්නවාද කියාවත් උන්ට දැන් අවබෝධයක්‌ නැත. ඉඳහිට එකෙක්‌ “ම් – චඃ චඃ ” කියා හඬක්‌ නැඟූ අතර තවකෙක්‌ උගුර පාදමින් රාම තෙල් හරිමින් කෑදර හඬක්‌ නැඟීය. ‘මුන් සත්තු වගේ’ යි සිතමින් උපසේන එතැනින් ඈත් වුණේය. …
  • ගන්දර කලපුව – 11 (නවකතාව): රෝස මල් සුවඳක්‌… වළලු ගැටෙන සිරි සිරි හඩක්‌…
    “මොනවද දවල්ට උයන්නෙ?”
    “බත්, පරිප්පු, අල, මාළු සර් ඇතිද?”
    “අපොයි හොඳටම ඇති”
    ට්‌රේසාට කරන්නක්‌ කරන්නට ඉඩ හැර උපසේන එතැනින් පිටව දුරකථනය සහිත ශාලාව අතට ආවේය. එතැන ක්‌වාට්‌රොත්. දොaසෙත් පියානෝවක්‌ ඇද ගෙන වුත් මුල්ලක තබනු පෙනුණි. අනතුරුව, ක්‌වාට්‌රෝ පියානෝව පිස දමන්නට විය. දොaසේ ජනෙල් පියන් පත් පිසදමයි. …
  • ගන්දර කලපුව – 12 (නවකතාව): අද්භූත මැ`දුරක සෘංගාරය පිරි රාත්‍රියක්‌ …
    උපසේන අවදිවෙන විට පංචිමා කාමරයේ නොවූවාය. දොර වසා දමා තිබිණි. විදුලි පංකාව යන්තමට ඉහළ සිවිලිමේ කැරකුණි. තමා නිරුවතින් බව උපසේනට පෙනුණි. පංචිමා තමාගේ සාරය උරාගෙන ගිය මකුළුවකු මෙනි. මාරාන්තික ‘කලු වැන්දඹුව’ නම් අරුත ඇති බ්ලැක්‌ විඩෝ ස්‌පයිඩර් මකුළුවෙක්‌ මෙනි පංචිමා …
  • ගන්දර කලපුව – 13 (නවකතාව): අපි හැමෝම සතුටු කරන්න ඔයාට පුළුවන්ද? …
    ප්‍රධාන නිවාසය අවට බොහෝ විදුලි බුබුළු නේක වර්ණයෙන් දැල්විණි. මෙතෙක්‌ උපසේන දැක නොතිබූ සේවකයන් කීපදෙනෙක්‌ම සුදු සරම් කබා හැඳගෙන ඔබමොබ යනු පෙනුණි. අලුතින් නිමවෙන ගොඩනැගිල්ල අවට නම් අඳුර රජයූවේය. ඌරු ගාල පිටුපස ගොඩනැඟිලි ද අඳුරුය. මාළු පොකුණේ අවට නම් වර්ණවත් විදුලි බුබුළු දැල්වුණි. ඒවායේ එළි පොකුණු දියේ පරාවර්තනය වී මසුන් නැහැ. රළින් කඩ කඩ විසිවී අඳුරු දිය මත චලන සිතුවම් පෑය. …
  • ගන්දර කලපුව – 14 (නවකතාව): නිදහස්‌ ලෝකයක මිහිර පිරි අභිරහසක්‌ …
    ‘අර පාරට වැටුණ යෝධ දොඹ ගහ කවදා අරන් දාවිද මන්දා’ උපසේන සිතුවේය. ‘සුභාට කොහොමද? බිමල්ට කොහොමද? ඔවුන් තමා ගැන ලතැවිල්ලේ තමාව සොයනවා ඇති. තමා පණිවිඩයක්‌ දී ගන්නේ කෙසේද? කා ළඟවත් දුරකථනයක්‌ නැති හැටි· ඒකත් කාලිංගගේ ප්‍රයෝගයක්‌. මේ මිනිහා හැමෝගේම ජීවිත පාලනය කරන හැටි. මේ උමතුවෙන් නටන එවුන්ට තේරෙන්නේ නැද්ද? මුන්ට ඕනෑ කෑමයි. බීමයි. සංගීතයයි. …
  • ගන්දර කලපුව – 15 (නවකතාව): කිසිවක්‌ම මතක නැති රාත්‍රීයක්‌ …
    යටිගිරියෙන් කෑ ගසා අනතුරුව සිනාසුණේ සමන් බංඩාරයි. ඔහු “යකෝ කාලිංග·” කියා තවත් මොන මොනවාදොa කියෙව්වේය.
    “සමන් ෂට්‌ ද ඩෙවිල් අප්·” කාලිංග පැත්තකට ඇද දමා තිබූ සෝපාවක ඇලවීගෙන විධානයක්‌ දුන්නේය. කාලිංග අසලම දුනුවිල නෝනා කාලිංගගේ ඉඟ පෙදෙස වසා ගත්තේ දුනුවිල නෝනාගෙන් මිදී ගිය සාරියේ කොටසකි. සමන් මොන මොනවදොa දන්නා ඉංගී්‍රසියෙන් කියා අනතුරුව දන්නා සිංහලයට බැස්‌සේය. වඩාත් ඇසුණේ “තෝ· තෝ·”කියන වචනයයි.. …
  • ගන්දර කලපුව – 16 (නවකතාව): රැහැනට හසුවූ තටු බිදිච්ච කිරිල්ලියක්‌ …
    හිණි පෙළ බසිද්දී ඈ ඔහුට අත්වාරු දුන්නාය. හිණි පෙළ පාමුල වූ ලොකු බම්බුවක දමා තිබූ සැරයටිවලින් එකක්‌ ඈ ඔහු අතට දුන්නාය. අකැමැත්තෙන් වුව ඔහු එය සියතට ගත්තේය. අනතුරුව ඔහු ප්‍රධාන දොරටුව අතට පියමැන්නේය. එතැන සිටි සේවකයා ඔහුට දොර පළුවක්‌ හැර දුන්නේය. “මේ තමුසෙටත් අරූව හම්බ උනේ. ගඟසිරි හෝටලය ළඟදීද? උපසේන මඳකට දොර අසල නතරව දොරටු පාලයාගෙන් ඇසීය. …
  • ගන්දර කලපුව – 17 (නවකතාව): එක්‌ වැසිබර දිනක ඒකාකාරී ජීවිතයට වෙනසක්‌…. උදයසිරි, කලුතර ගඟසිරි හෝටලයේ වැඩට ඇවිත් වසර තුනකි. වාද්දුවේ උපන් උදයසිරි තම මවගේ මරණයෙන් පසු තාත්තා හා එකම අක්‌කා සමඟ නොයෙකුත් හිත් අමනාපකම් ඇති කරගත්තෙකි. මහ විහාර පාරේ ගෙදර ජීවත් වීම ඔහුට තිත්ත විය. ඔහු වාද්දුව හන්දියේ රස්‌තියාදු ගහන්නට පටන් ගත්තේ එයින් පසුවය. …
  • ගන්දර කලපුව – 18 (නවකතාව): තාත්තා සමග අන`ග රැ`ගුම් පාන මේ යුවතිය කව්ද? …
    තාත්තා ගෙදරින් ගිහින් දවස්‌ තුනක්‌ම ගියා නේද පුතේ?” සුභා බිමල්ගෙන් ඇසුවාය. “හ්ම්?”
    “ඇයි අපිට කතා කරන්නේ නැත්තේ?” “ම්?”
    බිමල්ට ඇසුණේ ‘කතා කරන්නේ නැත්තේ?’ යන්න පමණයි. බිමල් සිටියේ ඉස්‌තෝප්පුවේ හිඳගෙන මිදුල දෙස බලාගෙනය. ගස්‌ කොළන්වලට ඉහළින් වතුර ටැංකියක මුදුන පෙනේ. ඈත ආකාසයේ වලා රොද කීපයක්‌ සෙමින් පාවී යයි. තමාගේ ජීවිතයේ අරමුණ කුමක්‌දැයි ඔහුට සිතෙයි. …
  • ගන්දර කලපුව – 19 (නවකතාව): උපසේනගේ නිවසට අමුතුම ලියුමක්‌! …
    එහෙම නම් මේ කාමෙනුවක්‌ වන් ගැහැනිය කවුද? zදකුණු කලුතර?…. තාත්තා කතරගම් යනවා කියා සැලසුම් කරන්නට ඇත්තේ මේ වැඩේ වෙන්නැති. සමහරවිට කෙනෙක්‌ ඔහුව උගුලකට අටවන්නට මෙය සැලසුම් කරන්නට ඇති. ඒත් මොනවා ලබාගන්නද? තාත්තා ධනවතෙක්‌ නොවේ. තමා ධනවතෙකුත් නොවේ. බ්ලැක්‌මේල් කරලා සල්ලි ගන්නනම්. කා ළඟ තියෙන සල්ලියක්‌ ද? සමහර විට තාත්තා සමඟ වැඩ කරන උඩින් මිතුරු යටින් හතුරු කරන තරහකාරයෙක්‌…