සොඳුරු මේ රාත්‍රියේ ? – A Poem by Bhadraji

July 25th, 2016

සොඳුරු මේ රාත්‍රියේ
තාරකා පායලා
අඳුරුවූ අම්බරේ
සඳවතී සැඟවිලා

මා තැනූ මන්දිරේ
දිලි පහන් නිවීලා
අම්බලම් පාලුවෝ
ගුම් නදින් වැළපෙනා

සංක්‍රමණ මඟ කුළුණු කැටයම්
දැල් බැඳීලා ඉරිතලා
ගඟෙහි පාවෙන පාරුවෙන් එන
සීපදය අද නැවතිලා

උයන්පෙත වෙත සුළං පහරින්
බියෙන් අතු ඉති වෙව්ලුවා
පතිත කළ කොළ පොකුණු දිය මත
රැහැයි තටු සේ වතුරුවා

සොඳුරු මේ රාත්‍රියේ ?

භද්‍රජි මහින්ද ජයතිලක
2016 ජුලි 25 සඳුදා