‘දිනෙක කුසිනාරාවේ’ ලිව්වේ මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන්

An article on Bhadraji appeared on Sarasaviya of Sep 10, 2015.

‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කාලයක සිට අප අතර වූ සුවිශේෂ කියමනකි. මේ කියමන බොරු කරන්නට සමත් වූ අයෙකි. හෙතම කලාවේ ඇසූ පිරු තැන් ඇත්තෙකි. භද්‍රජි මහින්ද ජයතිලක. භද්‍රජි යනු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කලාවට එක් වූ සහෘදයෙකි. කෙටිකතා, වේදිකා නාට්‍ය, ටෙලි පිටපත්, ගුවන්විදුලි නාට්‍ය, පරිවර්තන, සාහිත්‍ය කෘති, පර්යේෂණ ග්‍රන්ථ මෙන්ම ගී රචනයෙහිද ගී තනු නිර්මාණයෙහිද ප්‍රවීණයෙකි. ජනප්‍රිය ගායකයෙක්, රංගන ශිල්පියෙක් පමණක් නොව හේ චිත්‍ර ශිල්පියෙකුද වන්නේය. සරස්වතියගේ ඇල්ම බැල්ම නොඅඩුව ලද මේ අපූරු කලාකරුවා තවත් වරෙක වෙදදුරෙකු වන්නේ මිනිස් සිතේ චක්‍ර මුදා හැරීම තුළින් වන ශක්තියෙන් රෝගී වූවන්ට සුවය ලබා දෙමිනි.

සාහිත්‍යකරුවන්ගේ මිහිරි මතක සොයා යන මඟ මං සළකුණු ඔස්සේ අද පිය නඟන්නේ මේ සුවිශේෂ නිර්මාණකරුවාය. ඔහුගේ සිත ගත්තේ ඔහු විසින් 2008 වසරේදී රචිත ‘දිනෙක කුසිනාරාවේ’ කෘතිය යි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 2009 වසරේ හොඳම බෞද්ධ තේමා නවකතාව ලෙසින් එය සම්මානයට පාත්‍ර වූයේද දිනෙක කුසිනාරාවේ කෘතිය යි.

‘සල් ගසක සෙවණේ හිඳගත් ආනන්ද හිමි විඩාබර දෙනෙත් මඳකට පියා ගත්තේය ගත වෙහෙස වුවද සිත තුළ නැඟෙන දහසකුත් එකක් සිතුවිලි හා හැඟුම් සමුදාය නිසා නින්ද නම් ගව් ගණනක් ඈතය. මේ දිවා වරුවේ සියොතුන් පවා නිසලව ගොළුවුණාක් සේ පරිසරයේ වූයේ නිහඬතාවයකි. භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පොරවා ගෙන විසාලාවෙහි පිණ්ඩ පාතයේ වඩිද්දි ආනන්ද හිමියන්ද ඒ අනුව ගමන් ගත්තේ මඳක් පසුබාමිනි. ඉදිරියෙන් ගමන් ගත් භාග්‍යවත් බුදුන් වහන්සේගේ සෙවණැල්ලවත් පෑගෙන ළඟකින් ආනන්ද හිමි ගමන් නොගත්තේය.

විසාලා නගරය සැබැවින්ම විශාල විය. අති සුන්දර විය. ලිච්ඡවි කුමාරවරුන් මෙහි සමඟියෙන් සමාදානයෙන් එක්ව රජ කරන්නාහ. ලිච්ඡවි රජදරුවන් බුදු රජාණන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වහන්සේලා වෙනුවෙන් නිමවූ තැන් බොහෝය. මහා වනයේ කූටාගාර ශාලාව එයින් ප්‍රධාන තැනක් ගනියි. ඒ හැරෙන්නට උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, චාපාල චේතිය, සාරන්ද චේතිය මේ සියල්ලම අති රමණීය ස්ථානයන්ය’.

Read more from Sarasaviya …

Comments are closed.